කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොල්ගස්ඕවිට පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ආඬිගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණහ.
මේ වනවිට රට තුළ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය සමස්ථ පුද්ගලයන් ගණන 537කි. තවද අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 322ක් රට තුළින් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 84342කි