තුෂාරී කළුබෝවිල
නිරිත දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ පළාත්වලට කඩින් කඩ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක කෙටි කාලීන තද වැසි ඇති වන බව ඔවුහු පවසති.
දිවයින ආශ්රිත නිරිත දිග මුහුදු ප්‍රදේශවල ද වැසි හා සුළං තත්ත්වයන් ඇති වන බැවින් ධීවර කටයුතුවලදී විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවේ.
දිවයින ආශ්රිත නිරිත දිග මුහුදු ප්‍රදේශවල ද වැසි හා සුළං තත්ත්වයන් ඇති වන බැවින් ධීවර කටයුතුවලදී විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවේ.
වැසි පවතින අවස්ථාවලදී අකුණු අනතුරු ඇති විය හැකි බැවින් එයින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.