අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ තුනක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. මේ මරණ 3න් මරණ 2 වාර්තා වන්නේ කොළඹ නාගරික බලප්‍රෙද්ශය තුළය. කොළඹ15 ප්‍රදේශයේ 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ 89 හැවිරිදි කාන්තාවක්බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෙසේ මියගොස් තිබිණි. 89 හැවිරිදි කාන්තාව මියගොස් තිබුණේ නිවසේදීය. මේ වනවිට කොවිඩ් අසාදිත මරණ 247 ලංකාව තුළ වාර්තා වන්නේය.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 687ක් වාර්තා විය. ඉන් 02ක් බන්ධනාගාර රැඳවියන්ය. කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට 46457කි. මේ පිළිබද රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.