අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 593ක් හා එක් කෙවිඩ් ආසාදිතයෙකුගේ මරණයක් සිදුවී ඇති බව රජය නිවේදනය කළේය. මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 හැවිරිදි පුද්ගලයෙකි. හෝමාගම මූලක රෝහලේ ප්රතිකාර ල්බමින් සිටින විට මියගොස් ඇත. ඒ ලංකාවෙන් වාර්තා වූ 187 වැනි කොවිඩ් මරණයය.
මේ අතර අද කාර්තු දෙකේ දී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 593න් 52ක් බන්ධනාගා රැඳවියෝ වූහ. ඉතිරි 541 පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයන් බව රජය ප්රකාශ කළේය. කොවිඩ් දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 36692කි.
මේ පිළිබඳ රජය නිකුත්කළ නිවේදන මෙසේය.