අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. කොළඹ 15 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ 89 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, පිළියන්දල ප්‍රදේශයේ 73 හැවිරිදි පුද්ගලයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, ගලේවෙල ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කොවිඩ් ආසාදිතව මියගොස් තිබුණහ. ඒ අනුව මේ වනවිට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 483කි.
එමෙන් අද දින තුළ කොවිඩඩ් ආසාදිතයන් 317ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 79709කි. මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.