දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වලට සැලසිය යුතු සහන පිළිබඳව තමන් විසින් වාර්තාවක් සකසා අවසන් බවත් ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදුන් වහාම ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.
මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා තමන්ට මේ වගකීම පවරා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට තමන් හමුවීමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.
ඒ අනුව තමන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් හා ඔවුන් පිළිබදව සොයා බලන සංගම්වල නියෝජිතයින් හමු වී වාර්තාවක් සකස් කළ බවත් එහි පිටපතක් ජනාධිපතිවරයා වෙත යවා ඒ ගැන වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබා දෙන තුරු සිටින බවත් පැවසීය.
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට ජීවත් වීම සඳහා යම් ආර්ථික උත්පාදන මාර්ගයක් සකස් කොට දීමත් ඒ සඳහා යම් විශේෂ ක්‍රමයකට මූල්‍ය පහසුකම් ලබා දීමත් නිවාස වැනි පහසුකම් ලබා දීමත් සිදු කළ යුතු බව තමන් විසින් සකසන ලද වාර්තාවේ සඳහන්කොට ඇති බව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා පැවසීය.