දිනසේන රතුගමගේ
අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීම සදහා උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන එක්වන ලෙස තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් මහතා 24 දා ලිපියක් යවා තිබේ.
අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනට අගෝස්තු මස 31 වෙනිදාට යෙදී ඇති අතර එදින රාජකාරී දිනයක් බැවින් ජනතාව ඒකරාශී කරගැනීමට අසීරු නිසා අගෝස්තු මස 30 වෙනිදා උතුරු නැගෙනහිර පළාත්වල එම අවස්ථාව සැමරීමට විරෝධතා සංවිධානය කරණ ලෙස විග්නේස්වරන් මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.
විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් යවන ලද ලිපිය දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වෙතද යවා තිබීම විශේෂ සිද්ධියක් වන අතර එම ලිපියේ සදහන් කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන දියත් කිරීමේදී දෙමළ දේශපාලන අක්ෂ කිසිදු කොන්දේසියක් නොමැතිව එක්විය යුතු බවයි.
යුද සමයේදී අතුරුදහන්වූ විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බව පෙන්වාදෙන විග්නේස්වරන් මන්ත්‍රීවරයා තම තමන්ගේ දේශපාලන පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන හරහා එම පළාත්වල ජනතාව දැනුවත් කොට අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නයට මෙතෙක් විසදුම් නොලැබීමට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට එක්වන ලෙස සිය ලිපිය මගින් ඉල්ලා ඇත.
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා මේ වන විට ඥාතීන් විසින් පිහිටුවා ගන්නා ලද සංවිධාන කීපයක් ඇති බව පෙන්වා දෙන විග්නේස්වරන් මන්ත්‍රීවරයා එම සංවිධාන විසින් අතුරුදහන් කරවීමේ දිනය සැමරීමට විරෝධතා සංවිධානය කරන්නේනම් ඊට සියලු දෙනාගේම සහය ලබා දිය යුතු බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා සදහන් කොට තිබේ.