දැනට ඉන්දියාවේ සිට මෙරට මත්දුව්‍ය ජාවාරම කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ සහ පසුගිය දිනවල මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුවා විසින් මෙරටට එවන ලද බව කියන රාජාලියකු සමඟ පුද්ගලයන් දෙදෙනකු අද අතුරුගිරිය ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසියට හැකි විය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පවසා ඇත්තේ මෙම රාජාලියා අංගොඩ ලොක්කා විසින් මෙම පක්ෂියා විදේශයකින් මෙරටට ගෙන් වූ බවය.
මෙම පක්ෂියා කවර කටයුත්තක් සඳහා මෙරටට ගෙන්වූයේද යන් පිළිබඳව තවම අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් මේ වනවිට අතුරුගිරිය පොලිසිය විමර්ශණ සිදු කරයි.
මේ වනවනවිට වනජීවී දෙපාර්තමේනතුවෙන්ද පැමිණ අදාළ පක්ෂියා පරීක්ෂා කර බලා මෙම රාජාලියා විදේශීය සත්ත්වයකු බව තහවුරු කර ඇති බව වාර්තා වන අතර අදාල සැකකරුවන් සමඟ රාජාලියා ද හෙට (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.