පානදුර අටලුගම ප්‍රදේශයේ නිවාස පරීක්ෂාවකදී අත්අඩංගුවට ගැනුණු නයිට්‍රික් අම්ලය ලීටර 80කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් අධිකරණ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත නායක සහරාන් හසීම් විසින් බෝම්බ නිපදවීම සඳහාද භාවිත කරන ලද රසායන දුව්යයද මෙයම වන හෙයින් ඔවුන් මෙසේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට හේතු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.
අටලුගම නිවාස පරීක්ෂා කිරීමේදී මෙම රසායන ද්‍රව්‍ය හමුවුණේ පසුගියදා එම ප්‍රදේශයේ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගම්වාසීන් පහර දෙමින් ඊට බාධා කිරීමෙන් පසුව කළ සෝදිසියකදීය.
ලීටර 20 ප්‍රමාණයේ කෑන් හතරක මෙම රසායනික ද්‍රව්‍ය බහා තිබී ඇති අතර ඔවුන් ගෙන් කළ මූලික ප්‍රශ්න කිරීමකදී මේවා රත්රන් උණු කිරීම සඳහා භාවිතයට ගන්නා බව සඳහන් කොට ඇත.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් රන් භාණ්ඩ නිෂ්පාදනයටද සම්බන්ධ වුවද මෙම රසායන ද්‍රව්‍ය සහරාන්ද ත්‍රස්ත ක්‍රියා සඳහා යොදා ගත් හෙයින් මෙසේ වැඩිදුරටත් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.