ආණ්ඩුවේ ඉහළම තනතුරක් අපේක්ෂාවෙන් සිටි ප්‍රබල දේශපාලනඥයෙක් ඔහුගේ සහෝදරයා උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා ලෙසත් දියණිය එහි මන්ත්‍රීධූර අපේක්ෂිකාව ලෙසත් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
ඉහත ඉල්ලීම ඉටු වන්නේ නම් තමාට තනතුරක් අවශ්‍ය නැතැයි ද එම දේශපාලනඥයා මේ වන විටත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තම සහෝදරයා මහ ඇමති අපේක්ෂක ලෙසත් දියණිය මන්ත්‍රීධුර අපේක්ෂිකාවක ලෙසත් ඉදිරිපත් කිරීමට එම දේශපාලනඥයා සැලසුම් කර තිබුණ ද මේ වන විටත් ඊට උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයකු සහ පොදු ජන පෙරමුණේ ඇමතිවරු කිහිප දෙනෙක් සිය විරෝධය පළ කර ඇතැයිද දැනගන්නට ඇත.