දිනසේන රතුගමගේ
පොතුවිල් සිට යාපනයට ගිය ජනතා රැළිය අවසන් වීමට මොහොතකට පෙර එය දෙකඩ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාතේ මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් සුමන්තිරන් මන්ත්‍රීවරයාට දෝෂාරෝපණය කොට තිබේ.
ශානක්‍යන් මන්ත්‍රීවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට ඇත්තේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එකට සිට පිටුපසින් පිහියෙන් ඇන්න බවයි.
යාපනයට පැමිණි රැළිය මියගිය කොටි නායක මිලර්ට උපහාර දැක්වීමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙළපාලියෙන් කොටසක් රැගෙන පේදුරුතුඩුව දක්වා වෙනත් මාර්ගයකින් ගමන් කොට තිබේ.
ශානක්‍යන් ඇතුලු පිරිස පේදුරුතුඩුවට ගමන් කොට ඇත්තේ තවත් මාර්ගයකිනි.
මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් අනුස්මරණ ස්මාරකයකට මුල් ගලක් තැබීම සදහා කණ්ඩායමක් රැගෙන එහි ගිය බවයි.
නමුත් ශානක්‍යන් මන්ත්‍රීවරයා පවසන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයා අවසන් මොහොතේ පෙළපාලිය කඩා කප්පල් කළ බවයි.මේ නිසා ඔහු දෙමළ ජාතිය සමග එකට සිට පිටුපසින් පිහියෙන් අනින්නෙකු වූ බව ශානක්‍යන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.