මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂය නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් පක්ෂ තුනක් පොදුජන පෙරමුණ හා සන්ධානගත වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අගමැති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමේ දී අමාත්‍යාංශ හතරක් සඳහා ඇමතිවරු පත් නොකර සිටීමට එම පක්ෂය තීරණය කර ඇතැයි ද විපක්ෂයේ සිට ආන්ඩුවට පැමිණෙන කණ්ඩායම් වෙනුවෙන් එම ඇමති ධූර වෙන් කර තබා ඇතැයි ද පැවසේ.