ශ්‍රියානි විජේසිංහ
බිය හා සාංකාව හේතුවෙන් මානසික පීඩනයට ගොදුරු වූ දරුවන් මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමු වෙමින් පවතින බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය සඳහන් කළාය.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග බොහෝ දෙමාපියන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඇතිවන ආර්ථික තත්ව මෙන්ම නුහුරු ඒකාකාරී ජීවිත පැවැත්ම නිසා දරුවන් මානසිකව පීඩනයට ගොදුරුව ඇති බව ඇය පෙන්වා දුන්නාය.
රට යළි යථා තත්වයට පත්වීමත් සමග මානසික රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන් වැඩිවීමක් අපේක්ෂා කරන බව වෛද්‍ය හේවාගීගනගේ මහත්මිය පැවසුවාය.