කලම්බො කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හා කළමණාකාරීත්වය ඇත ඇති වූ ආරවුලකින් අනතුරුව කළම්බො කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පහුණුකරු හර්ෂල් ගිබ්ස් එම තනතුරින් ඉවත් කර සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම තනතුරට පත් කර ඇතැයි වාර්තා වේ.
එල්.පී.එල්. තරගාවලියේ ජාත්‍යාන්තර විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට සිටි හර්ෂල් ගිබ්ස් විශේෂ ඉල්ලීමක් කර මෙම තනතුරට පත් කරගන්නේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගිනි.
මේ අර්බුදය ඇති වන්නේ එල්.පී.එල් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබිය දීයි.
කලම්බො කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ හර්ෂල් ගිබ්ස් දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවෙකි.
.
Ela bro ela