ශ්‍රී ලංකා විස්සයි 20 නිත්‍ය නායක දසුන් ශානකගේ විදෙස් ගමන් සම්බන්ධව පැන නැගුණු වීසා ගැටලුව මෙතෙක් විසඳී නැති බැවින් එම තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිවුස් වෙත පැවරීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වී තිබීම හේතුවෙන් මෙම වීසා ගැටලුව නිර්මාණය වී තිබිණි. එහි වසර 5ක් සඳහා අමෙරිකානු වලංගු වීසා ඇතුළත්ව තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මේ තත්වය මත උක්ත වීසා ගැටලුව විසඳා ගැනීමට හැකියාවක් ලැබී නැත. 2018 වර්ෂයේ දී සිදුවූ ගමන් බලපත්‍ර අස්ථානගතවීමක් මුල් කරගෙන ජාතික කණ්ඩායමක නායකයෙක් 2021 වසරේ දී වීසා ප්‍රශ්නයක් ඇති කරගෙන ජාත්‍යාන්තර තරගාවලියක් මග හැර ගැනීම සම්බන්ධව රටක් වශයෙන් විලි ලජ්ජාවට පත් විය යුතු බව විචාරකයෝ පෙන්වා දෙති.
තරග 3කින් සමන්විත කොදෙව් – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 4 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතව ඇත.