වර්ෂ 1986 දී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව දිනා දුන් ලොව ජනප්‍රියතම සහ විශිෂ්ඨතම පාපන්දු ශූරයකු වු ඩියාගෝ මැරඩෝනා මොළයේ සිදුකළ ශල්‍යකර්මයකින් පසු බුවනෝස් අයර්ස් රෝහලින් පිටව ගියේය. ඒ අවස්ථාව දැක බලා ගැනීමට විශාල මාධ්‍යවේදීන් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටියහ.
අදාළ සැත්කමෙන් පසුව තවත් සති කිහිපයක් සිය නිවසේ සිට මැරඩෝනාට ප්‍රතිකාර ලබාගත යුතුව තිබේ. මේ වන විට 60 වැනි වියේ පසුවන මැරඩෝනා සිය දියණියන් දෙදෙනා ජීවත්වන නිවස අසල වෙනත් නිවසක සිටිමින් වැඩිදුර ප්‍රතිකාර ලැබීමට නියමිතය.
මැරඩෝනාට ඉදිරියේදී මත්පැන් පානය කිරීමද නුසුදුසු බව ඔහුගේ පෞද්ගලි වෛද්‍යවරයා වන ලියෝපෝල්ඩෝ ලුක් සඳහන් කරයි. තවමත් මැරඩෝනාගේ හිසේ දකුණු පැත්තේ ඇති වෙළුම් පටිය සමග සිටී. අතර ඔහු සිය වෛද්‍යවරයා සමග ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර සිටියේ සැත්කමෙන් පසුව ගත පළමු ඡායාරූපය වශයෙනි.
“ඩියාගෝ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය පසුකර ගොස් ඇත. දැන් අවශ්‍ය වන්නේ පවුලේ අය සමග සිටීමයි. ඇත්තටම ඒ සැත්කම ප්රාතිහාර්යයක්’ යැයි මරඩෝනාගේ නීතිඥ මාටියාස් මෝර්ලා පවසයි.