දකුණු අප්‍රිකාව සමග සෙන්චුරියන් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 45 කින් පරාජය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනකු පමණක රෝගී වීමෙන් දෙවැනි ටෙස්ට් තරගයට ඇති ගැටලු හැකි ඉක්මනින් විසඳා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
“දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට දින හයක් තියෙනවා. නායකයකු ලෙස මම කණ්ඩායමට දෙන පණිවුඩය තවමත් තරගාවලිය අවසන් නැති බව. අපිට තවත් ක්‍රීඩකයන් ඉන්නවා. නායකයකු වශයෙන් මම උත්සහ කරන්නේ කණ්ඩායම එකට තබා ගැනීමටයි. අපිට තියෙන ගැටලු සම්බන්ධයෙන් බොහෝ සංවාද තියෙනවා. නමුත් දෙවැනි ටෙස්ට් තරගයට පෙර සියලු දේ විසඳා ගත යුතුයි.” යනුවෙන් දිමුත් කරුණාරත්න පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ් චන්දිමාල් පළමු දින තුන ඇතුළත ආබාධවලට ලක්විය. සුරංග ලක්මාල්ද ආබාධයක් හේතුවෙන් පළමු තරගයේදී විවේක ගන්වන ලදී. ක්‍රීඩකයන් බහුතරයක් ලෙඩ වීමෙන් කණ්ඩායම හැසිරවීම පහසු නොවන බව ශ්‍රී ලංකා නායකයා පවසයි.
“නායකයකු වශයෙන් එවැනි තත්ත්වයකදී කණ්ඩායම පාලනය කිරීම මට පහසු වුණේ නැහැ. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන් නොමැති නිසා තුන් ඉරියව් ක්‍රීඩකයකු වු දසුන් ශානකට විශාල පන්දුවාර සංඛ්‍යාවක් යැවීමට සිදු වුණා. අපේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනාම තුවාල වු නිසා තමයි එසේ වුණේ.”
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග් හිදී ලබන 3 වැනිදා ආරම්භ වේ. එම තරගයට ධනංජය ද සිල්වා, ළහිරු කුමාර සහ කසුන් රාජිතට සහභාගි වීමට නොහැකි අතර සුරංග ලක්මාල් මේ වන විටත් සුවය ලබා ඇති බව වාර්තා වේ. මීට අමතරව ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුද ආබාධයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහුද ජොහැනස්බර්ග් හී ඇරඹෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එකතුවීමට නියමිතව ඇත.
දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිටින ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුටද දෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලිය් වන මෙහිදී දෙවැනි තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීමට අවස්ථාවක් වුවද ආබාධ සම්බන්ධ ගැටලු ඊට පෙර විසඳා ගත යුතුව තිබේ.