ක්රිකට් ලෝකයේ මහත් ප්රසාදයට පත් ක්රීඩක ක්රිස් ගේල් වර්ෂ 2019 මාර්තු මාසයෙන් පසු ප්රථම වතාවට එරට ජාතික සංචිතයට නම් කර තිබේ. ඒ ශ්රී ලංකාවට එරෙහි තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය වෙනුවෙනි. මේ වනවිට ගේල් සිය වගකීම සඳහා සූදානම් වෙමින් සිටී.
තුන් ඉරියව් ක්රීඩක කීරන් පොලාර්ඩ් විසින් මෙහෙයවනු ලබන සංචිතයට වේග පන්දු යවන ෆිදෙල් එඩ්වර්ඩ්ස් නැවත පැමිණෙනු ඇත. නිකලස් පූරන් පොලාර්ඩ්ගේ උප නායකයා ලෙස කටයුතු කරයි. පිට දඟ පන්දු යවන ක්රීඩක කෙවින් සින්ක්ලෙයාර් පළමු වරට එරට ජාතික සංචිතයට කැඳවා තිබේ. වමතින් දඟ පන්දු යවන ක්රීඩක අකීල් හොසේන් ද ප්රථම වරට විස්සයි 20 සංචිතය වෙත කැඳවා ඇත.
බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ නායකත්වය කිරන් පොලාර්ඩ් විසින් දරනු ලබයි. මාර්තු 10, 12 සහ 14 යන තෙදින තුළ ක්රීඩා ලොලී ප්රේක්ෂකයන්ගෙන් තොරව තරග පවත්වනු ඇත.