ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ලබන 31 වැනිදා පැවැත්වීම කෙරෙහි නිලවරණ කමිටුවේ අවධානය යොමු වී තිබේ.
මේ වන විට පමා වී ඇති ක්‍රීඩා සංගම්වල නිලවරණ අගොස්තු 31 වැනිදාට පෙර පවත්වා අවසන් කරන මෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශය හරහා දැන්වීමත් සමග ක්‍රීඩා අමාත්‍යංශ ව්‍යවස්ථාවට අනුව දින 55ක් ඇතුළත අදාළ ක්‍රීඩා සංගම් නිලවරණ පවත්වා අවසන් විය යුතුව තිබේ.
දින 25කට පෙර අදාළ සංගම්වල නාමයෝජනා නිලවරණ කමිටුව වෙත භාරදිය යුතු වේ. එහිදී නාමයෝජනා සඳහා භාර දීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් කිසියම් පාර්ශ්වයක් විසින් විරෝධතාවක් එල්ලවේ නම් එම විරෝධතාවලින් අනතුරුව ලැබෙන නාම ලේඛනයද දින 25ක පෙර නිලවරණ කමිටුව වෙත ලැබිය යුතුය. ඒ අනුව මේ වන විට අදාළ කාල කලමනාකරණය කර ගැනීම වෙනුවෙන් දැල්පන්දු නිලවරණය දින 2ක් පමා කිරීමට සිදුවී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා දැලපන්දු ඇතුළු ක්‍රීඩා සංගම් බොහොමයක නිලකාලය වසරකට පමණක් වලංගු වේ. එහිදී නිලවරණය වෙනුවෙන්ම එම වසරක කාලයෙන් දින 75ක පමණ කාලයක් වැය කිරීමට සංගම්වලට සිදුවී ඇතැයි වාර්තා වේ.