පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටි ඉන්දීය නළු, ව්‍යාපාරික සචින් ජෝෂිව තරගාවලියෙන් අනතුරුව ලද ඉන්දීය රුපියල් කෝටි 87ක සැක කටයුතු මුදලක් අතුළු ඉන්දීය රුපියල් කෝටි 1500ක් වත්කම් මුල් කරගෙන ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
36 හැවිරිදි ඉන්දීය ජාතිකයකුවන ඔහුට ඉන්දීය රුපියල් කෝටි 87 ක් ලැබී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් පසු බුකීකරුවන්ගෙන්දැයි සැක මතුව ඇතැයි ද ඒ සැකය මත සචීන් ජෝෂිව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය චිත්‍රපට නලුවෙක් හා ED සමූහයේ ව්‍යාපාරික සචින් ජෝෂි පසුගියදා මෙරටදී නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ දසුන් ශානකය. ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස සචින් ජෝෂි පෙනී සිටියත් කණ්ඩායම සමග එහි කළමණාකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයා සැබෑ හිමිකරු බවටත් තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් එම කණ්ඩායම තේරීමේ සිට සියළු මෙහෙයුම් සිදුකරනු ලැබුවේ ජෝෂි බව වාර්තා වේ. කණ්ඩායම තේරීම සඳහාවත් නායක දසුන් ශානක හෝ පුහුණුකරුව එක්කරගෙන නොතිබුණුත් දසුන්ට ක්‍රීඩා කිරීමට සිදුවූයේ පෝෂි තෝරා දුන් කණ්ඩායම සමග බවත් හෙළි වී ඇත.
මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඉන්දීය ආදායම් බදු දෙපාරත්මේන්තුවේ ප්‍රකාශකයෙක් මාධ්‍ය අමතා කියා තිබුණේ ජෝෂි ඔම්කාර් සමූහයේ හා වයිකිං සමූහයේ මුදල් ඉපැයීම් සැක සහිත බවය. ඉන්දීය රුපියල් කෝටි 1500 ක් වෙනුවෙන් මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරා ප්‍රශ්න කිරීම සඳහා පසුගිය සදුදා (15) එරට පොලීසිය සචින් ජෝෂි අත් අඩංගුවට ගෙන තිබේ.
මේ අතර එම ආදායම් බදු දෙපාර්තමේන්තු නියෝජිතයෙක් ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ ඉන් කෝටි 87 ක් ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලි අනුග්‍රාහකත්වය ලබා දීමෙන් පසු සැක සහිත ලෙස උපයා ඇති බවය. බුකීකරුවන්ගෙන් එමමුදල ලැබුනේදැයි ඉන්දීය ආදායම්බදු දෙපාර්තමේන්තුව සැක පල කර තිබේ.
මෙම තරගාවලියේ දී ආන්දෝලනයට ලක් වූ දඹුල්ල වයිකිංස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර යැවූ නෝබෝල් පන්දුවක් මුදලට තරග පාවාදීමේ අවස්ථාවක් දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමට පවා ලක්වුණේය.