ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණයට දිනයක් වෙන කර ගැනීමට නොහැකිව නිලවරණ කමිටුව මේ වන විට මහත් අසීරුතාවට පත්ව ඇති බවත් මේ හේතුවෙන් සම්මේලනයේ ඉදිරි වැඩ කටයුතු අඩාල වී ඇති බවත් වාර්තාවේ.
ඒ අනුව නිලවරණය සඳහා නාමයොජනා කැඳවා ඇති සංගම් කිහිපයක ලියාපදිංචිය පමාවීම හේතුකොට ගනිමින් කැරම් සම්මේලනය මෙම ගැටලුවට පත්ව ඇත
.කොරෝනා වෛරසය හේතුවෙන් රට වසා දැමීම මත සහ වෙනත් හේතූන් මත නිලවරණ පමා වූ ක්‍රීඩා සංගම්වල නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මාස ගණනක් පමා වී ඇති ක්‍රීඩා සංගම් කිහිපයකම නිලවරණ පැවැත්වීමට අදාළ ක්‍රීඩා සම්මෙලනවල නිලවරණ කමිටු මගින් දින යොදාගෙන වෙන්කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට දින පමා වී ඇති කැරම් සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට නිලවරණ කමිටුව පසුගියදා ක්‍රියා කර තිබුණද එහි ක්‍රීඩා සංගම් කිහිපයක් මේ වසරේ ලියා පදිංචිය අලුත් කිරීම් සිදුකොට නැමැති බව අනාවරණය වීමෙන් කැරම් සම්මේලනයේ නිලවරණය වෙනුවෙන් දිනයක් වෙන් කර ගැනීම නිලවරණ කමිටුව තවමත් අපොහොසත් වී තිබේ.