ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවත් පළමු ටේසට් ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක ජයග්‍රහණයක් අත් කරගැනීමට එංගලන් කණ්ඩායම අද සමත් වුනේය.
පළමු ඉනිමේ විලිලජ්ජා සහගත ක්‍රීඩා විලාශයක් ප්‍රකට කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට සියලු දෙනා දැවී යද්දී පිළිතුරු ලෙස එංගන්තය ලකුණු 421ක් රැස් කලේ ජෝ රූට්ස් ලබා ගත් ද්විත්ව ශතකයත් සමගිනි. රූට්ස් ලකුණු 228ක් රැස් කළේය.
දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යන්තමින් තම ඉනිමක පරාජයෙන් බේරුණේය. ලහිරු තිරිමාන්න ලකුණු 111ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලබා ගන්නට අවශ්‍ය වූයේ ලකුණු 74කි. කඩලු තුනක් දැවී ඕවර 24 පන්දු 2ක් තුළ ඔවුහු ඒ කඩඉම පසුකර ගියහ. ඊයේ දිනයේ ලකුණු 36කට එංගලන්ත කණ්ඩායමේ කඩුළු 03ක් දැවී ගිය ද අද එකදු කඩුල්ලක්වත් නොදැවී ජයග්‍රහණයේ ඉලක්කය ලබා ගන්නට ඔවුහු සමත් වූහ. ජොනී බ්‍රිස්ටොව් නොදැවී ලකුණු 35ක්, ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 21 ලබා ගත්හ.
දෙවන ඉනිමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 29කට කඩුළු දෙකක් දවා ගත්තේය. ජෝ රූට්ස් එක ලකුණක් ලබා සිටද්දී දුවද්දී දැවී ගියේය.