fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, මාර්තු 3, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

    මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

    කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

    මෛත්‍රීගේ  ලොකු පුතා කියා සිතා පොඩි පුතාට පොලිසියෙන් ගහලා!

    නීති සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්න…..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ පරිසරය

සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

නීතියත් ගොළු නම් පුරවැසියන් ලෙස එරෙහි වෙනවා හැර කළ හැක්කක් නැත... රට වෙනුවෙන් පිට කොන්දක් සහිත මිනිසුන් අවශ්‍යයයි...

editor by editor
ජනවාරි 25, 2021
in පරිසරය
445 4
සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා
Share on FacebookShare on Twitter

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය –

ඡායාරූප – ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වන්නේ මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩය. එම අලිමංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම මේ වන විට සිදු කරමින් පවතී.

RelatedPosts

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන්  විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වනවිට බැකෝ යන්ත්‍ර භාවිතා කර වනාන්තර එළි කිරීම” භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරමින් පවතී.

අනෙක් හෝටලය ඉදි කරමින් තිබෙන්නේ බෝවිටියතැන්න අලි මංකඩේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල” රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි.

සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ” ඇල්ලගම” හන්දියෙකඩේ ගම්මානය” කජුගස්වත්ත” පොතුපිටිය” කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේපොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.   

සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් වනාන්තර එළි කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිතා කරමින් සිදු කරමින් පවතී.

1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11″187 ක වනාන්තර ප්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

මීට අමතරව මෙම රක්ෂිත ප්‍රදේශ ආවරණය වන භූමි ප්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතුව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවදානමක් පවතින කලාපයක් වීම ය.

සිංහරාජ මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය 

පරිසර නීති උල්ලංඝණය කිරීම

මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව එම සංවර්ධන ක්‍රියාවලිය මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප්‍රජාවගේ පැවැත්මට මෙන්ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් වනාන්තර අක්කර 7 ක් හා 8 ක් එළි කර සිදු කරන මෙම හෝටල් ඉදි කිරීම්වලදී කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැත.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතුය. ඒ අනුව මෙම සියලු වනාන්තර එළි කිරීම් හා හෝටල් ඉදි කිරීම් සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

සිංහරාජ මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය 

නෛතික ක්‍රියාවලිය මගහැරීම

අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000ක් නොඉක්මවන දඩයකට හෝ වසර 2ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකටම යටත් කළ හැකි ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලු පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලු නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන්ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වෙති.

සෞභාග්‍යෙය් දැක්ම

මෙවර ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ “මිනිසාට මෙන්ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බවය.” එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ “වර්තමානයේ සිදුවන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි.

එපමණක් නොව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහාය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතුය. එලෙසටම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බවය.

නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජයේ වනාන්තර හා අලි මංකඩ වනසද්දී නිහඩව සිටීමෙන් සිදු වන්නේ සියලූම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීමය.

සිංහරාජ මාණික්කවත්ත” බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය 

ජනතාවගේ අයිතිය

මේ සියල්ලටම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාවද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත.

එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ හෝටල් ඉදි කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට අහිමි කරනු ඇත.

Tags: නවතමවිශේෂ
Previous Post

පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට උතුරේ ඉඩම් කොල්ල කනවා…

Next Post

එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

Related Posts

වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?
පරිසරය

පෙබරවාරි 12, 2021
අධිවේගයට ගලවා දමන්නට හැදූ දාරළුවේ දුර්ලභ කෲඩියා සිලනිකා ගස පැවිදි කරයි…

පෙබරවාරි 10, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
අලිමංකඩක අලි වැටක් ගසා අලි කරදයක වැටෙන්න යන ගල්ගමුවේ මිනිස්සු

ජනවාරි 1, 2021
Next Post
එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි
  • මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
  • කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist