fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, මාර්තු 3, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

    මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

    කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

    මෛත්‍රීගේ  ලොකු පුතා කියා සිතා පොඩි පුතාට පොලිසියෙන් ගහලා!

    නීති සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්න…..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ගොල්ෆ් පිටියේ පැටවා බිහි කළ මුහුදු සිංහ මවට ආහාර ගන්න පාර පනින්න වෙලා

Lanka Sara Editor by Lanka Sara Editor
ජනවාරි 16, 2021
in පරිසරය, පුවත්, සමාජ
436 5
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
Share on FacebookShare on Twitter

සේමාලී කැල්ලපත නවසීලන්තයේ සිට..
ඩන්ඊඩ්න් නවසීලන්තයේ දකුණු දූපතේ දෙවැනිතම විශාල නගරයයි. කෝවිඩ් වසංගතය පැතිරෙන්නට පෙර හැම රටකින්ම වගේ සංචාරකයන් මේ නගරයට ආවේ මුහුදු තීර අරක්ගත් වනසතුන් විශේෂ කීපයක් දැකගන්නත් එක්කයි. ඩන්ඊඩ්න් හි විශේෂත්වය වෙන්නේ නගරයට ඉතා ආසන්නයෙන් ලොම් සහිත සීල් සත්ත්වයින්, මුහුදු සිංහයන් හා පෙන්ගුවින් පක්ෂීන් විශාල වශයෙන් දැක ගැනීමට හැකිවීමයි. මේ හැම සතකුම වඳ වීමේ තර්ජනයට ලක්වෙලා නිසා උන් රැක ගන්න මහා පරිමාණ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා විතරක් නොවෙයි ජනතාව ඒවාට උපරිම සහයෝගයත් ලබා දෙනවා. ඩන්ඊඩ්න්වල තවත් වැදගත් දෙයක් තමයි ශරීර ප්‍රමාණයෙන් විශාල ඇල්බර්ට්රොස් නමැති මුහුදු ලිහිණි විශේෂයකගේ ගොඩබිමක පිහිටි එකම ලිහිණි කොළනිය මේ ආසන්නයේ පිහිටා තිබීම. එයත් ලෝකෙටම මෙතැන පමණයි. ස්වභාවික වනාන්තර හා වනසතුන් නිසා ඩන්ඊඩ්න් හැඳින්වෙන්නේ නවසීලන්තයේ වනසත්ව අගනගරය ලෙසයි. වෙරළබඩ භූමිය, හුදෙකලා වෙරළතීර, පඳුරු ගහන කුඩා කඳුවැටි මෙහි සත්ත්ව සංහතියට අපූරු නිවහනක් සපයනවා.
ඩන්ඊඩ්න් ගැන මං මෙච්චර විස්තර කළේ පසුගිය සතියේ මේ නගරය ආශ්‍රිතව වූ අපූරු සිදුවීමක් ගැන කීමටයි.
ඩන්ඊඩ්න් සිට විනාඩි පහක පමණ දුරකින් පිහිටි චිෂොල්ම් ලින්ක්ස් ගොල්ෆ් පිට්ටනිය තියෙන්නේ මුහුදු වෙරළට මුහුණ පාලා. ඒ පළාත හරිම ලස්සනයි. වටේට ගහකොළ හා පඳුරු. මේ ගොල්ෆ් පිට්ටනිය ගොල්ෆ් සිදුරු 18ක් තියෙන මහා විශාල එකක්. ඩන්ඊඩ්න් වෙරළ තීරය අරක්ගත් මුහුදු සිංහ ගැහැනු සතෙක් තමන්ගේ පැටවා බිහිකරන්න තෝරාගත්තේ මේ පිට්ටනියේ 13වැනි සිදුර ළඟම තැනක්. පහුගිය සතියේ ගොල්ෆ් පිට්ටනියෙ සෙල්ලම් කරන්න ගිය හැමටම මේ මුහුදු සිංහ ගැහැනු සතා 13වැනි සිදුර ආසන්නයේ ලැගගෙන ඉන්නවා දකින්න ලැබුණා. කිලෝ ග්‍රෑම් 150ක පමණ බර දැවැන්ත මස් පර්වත බඳු මේ සතා ගොල්ෆ් පිට්ටනිය මැද්දෙ වැතිර සිටින අන්දම කාටත් කුතුහලයක් වුණත් කවුරුත් එයාගෙ නිදහසට බාධා කරන්න එතැනට එබෙන්න ගියේ නෑ.

පාර වසා ඇති ආකාරය

මුහුදු වෙරළේ සිට ගොල්ෆ් පිට්ටනියට එන්න තියෙන ජෝන් විල්සන් ඩ්‍රයිව් මාවත ඉතා ජනාකීර්ණයි. පිට්ටනිය හා වෙරළ වෙන් වෙන්නේ මේ මාවතෙන්. මුහුදු සිංහ ගැහැනු සතා පැටවා ලබන්න මේ මාවත හරහා ඇවිදින් ගොල්ෆ් පිට්ටනියම තෝරාගෙන.
නවසීලන්ත ජනතාව දැඩිව පරිසරයට ඇලුම්කරනවා. මේ මුහුදු සිංහයා ඉන්නවා දැකපු අය ඉන්පස්සේ ඒ සිදුර ආසන්නයට නොගියේ එතැන සිද්දවෙන්නේ මොකද්ද කියා දන්නා නිසයි.
වැඩි දිනක් ගතවුණේ නැහැ. ඒ සිදුර ආසන්නයේ පිට්ටනිය අයිනේ පඳුරු ගොන්නක් අතරින් පුංචි බලු පැටවෙක් කෑගහනව වගේ හඬක් ඇහෙද්දි හැමෝම එතෙක් බලා සිටි දේ සිද්දවෙලා කියා දැන ගත්තා. පැටියා ලැබිලා. පැටියා මෙලොවට බිහිවූ වෙලාවේ ඉඳන් ලවක් දෙවක් නැතිව කෑ ගහනවා. කොහොමහරි පසුව මුහුදු සිංහ ගැහැනු සතා තමන්ගේ පැටියා ඒ ළඟම තියෙන පඳුරක් යටට ගෙනිහින් තියෙන්නේ එළිමහනෙන් වහං කරගන්න.
පැටියා ලැබුණාට පස්සේ මුහුදු සිංහ ගැහැනු සතුන් කරන්නේ පැටවා ඉන්න තැනම තබා ආහාර සොයා මුහුදු වෙරළට යෑමයි. ඉතින් මේ සතාත් නිතර ආහාර සොයා ළඟම තියෙන ශාන්ත ක්ලෙයාර් වෙරළට යන්නේ අර ජනාකීර්ණ ජෝන් විල්සන් ඩ්‍රයිව් මාවත හරහායි. මේනිසා පසුගිය දිනක ඩනෙඩින් නගර සභාව, මුහුදු සිංහ ගැහැනු සතා පැටියාත් සමඟ ආපසු මුහුදට යනතුරු ඇය නිතර පාර මාරුවන පෙරකී මාවතේ කොටසක් තාවකාලිකව වසා දමන්න තීරණය කළා. ඒ මාසයක පමණ කාලයක් සඳහායි.
නවසීලන්තයේ දැන් ගතවෙන්නේ ගිම්හානය. මේ කාලයට වනජීවීන්ට ආරක්ෂිතව මාර්ග හරහා යෑමට නිතරම මාර්ග වසා දැමීම වෙනවා. එහෙත් ඒ, දිනකට හෝ දෙකකට විතරයි. මාසයක්ම මෙතරම් ජනාකීර්ණ මාවතක් වසා දැමීමට හේතුවුණේ මුහුදු සිංහ ගැහැනු සතා පැටවා ලැබීමට මේ ගොල්ෆ් ක්‍රීඩාංගනය තෝරා ගැනීම නිසයි. ඩන්ඊඩ්න් තියෙන්නේ වරායක් ආසන්නයේ. ජනගහනය සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩියි. මාවත වසා දැමීම ගැන ප්‍රදේශවාසීන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඒ ගැන ප්‍රසංසා කරනවා. දැන් බොහෝ දෙනෙක් නගර සභාවෙන් ඉල්ලන්නේ අවදානමට ලක්විය හැකි වන සතුන් ආරක්ෂා කිරීමට ස්ථිරව කටයුතු කරන ලෙසයි.
මේ කතා කරන මුහුදු සිංහ වර්ගය නවසීලන්තයට ආවේණිකයි. ඒ වගේම උන් අවදානමට ලක්වූ සත්ව කොටසක්. දැනට ඉතිරිව ඉන්නේ 12000කට අඩු සංඛ්‍යාවක්. උන්ගේ බෝවීමත් ඉතා වේගයෙන් අඩුවෙමින් යන බව කියනවා. කෝවිඩ් එන්න පෙර ඩන්ඊඩ්න් වෙරළ තීරවල නිදහසේ අව්ව තපින මුහුදු සිංහයන්ට සංචාරකයන්ගෙන් හරියට බාධා එල්ල වුණා. සංචාරකයන් උන්ට කිට්ටුවී සෙල්ෆි ගහන්න හා ජායාරූප ගන්න යෑම නිසයි.
ජනාකීර්ණ මාවතක් මාසයක් වසා දමන්න මුල්වුණු මුහුදු සිංහ ගැහැනු සතා ඔටාගෝ ප්‍රදේශයේ වනජීවි නිලධාරීන්ට නම් අමුත්තියක් නොවෙයි. ඔවුන් ඇය නම්කර තියෙන්නේ හිරිවායි ලෙසයි. හිරිවායි මෙවර උපත දුන්නේ ඇගේ පස්වැනි පැටවාට. හැබැයි ඇය තමන්ගේ තිඹිරි ගෙය ලෙස ගොල්ෆ් පිටිය තෝරාගත්තේ පළමු වතාවටයි.

ගිම්හානයේදී මේ විදිහට පැටව් දමන්න සාමාන්‍යයෙන් මුහුදු සිංහ ගැහැනු සතුන් 20ක් විතර එනවා. උන්ගෙන් අඩුම වශයෙන් මේ වාරයේදී පැටවුන් 20ක් වත් ලැබේවියැයි වනජීවි නිලධාරීන්‌ විශ්වාස කළත් ඒත් තාම දකින්න ලැබිලා තියෙන්නේ ගැහැනු සතුන් 10ක් විතරයි.
“ හිරිවායි පැටියා දමන්න ගොල්ෆ් පිට්ටනියට එන්න ඇත්තේ ඒ වටේ තියෙන පඳුරු ආවරණය නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් මං ඇගේ වැදෑමහ සොයාගෙන වළලා දැමුවා. ඒ නිසා හිරිවායිට බල්ලන්ගෙන් කරදර වෙන එකක් නැහැ. දැන් මෙයා කෑම හොයාගෙන වෙරළට යන්න පටන් අරන්. ගොල්ෆ් ක්‍රීඩාකරන අය හිරිවායි ඉන්න බව මතක තබාගෙන ක්‍රීඩාවේ යෙදෙනතාක් කල් ඇය නිදහසේ මෙතැන හිඳීවි. මට තියෙන බය බල්ලන් ඇවිද්දවන්න එන අය ගැනයි. මේ පඳුරක් අස්සේ මුහුදු සිංහ පැටියෙක් ඉඳියි කියා බල්ලො දන්නේ නැහැනේ ” හිරිවායි ගැන අවධානයෙන් පසුවන වනජීවි නිලධාරී ජිම් ෆයිෆ් පවසනවා.

මුහුදු සිංහ ධේනුව පැටවා සමඟ

කැමති කෙනකුට එතැනට පයින් හෝ පාපැදියෙන් පැමිණ උන්ව බලන්න පුළුවන්. නමුත්, අඩුම වශයෙන් මීටර් 20ක් විතර ඈත සිටයි. මුහුදු සිංහ ගෑනු සතුන් පැටවුන් දැමූ පසු පිරිමි සතුන්ගෙන් ඈත්වයි ඉන්නේ. උන් ඒ ගැන දැන සිටියත් බල්ලන් මිනිසුන් හා වාහන ගැන උන්ගේ තැකීමක් නැතිතරම්ය.
ඩන්ඊඩ්න් නගර බලධාරීන් මුහුදු සිංහයන් සංරක්ෂණය ආරම්භ කිරීමත් සමඟ උන්ගේ ප්‍රජනන කාලය ගිම්හාන මාස බවට පත්වෙලා. නගරයේදී උපත ලැබූ ගැහැනු පැටවුන් පසුව උන්ගේ පැටවුන් වැදීමට මේ නගරයට නැවත නැවතත් පැමිණීම පුදුමයක්. බොහෝවිට උන් පැටවු දාන්නේ තණබිම්, ගොවිපොළ මඩු සහ මහා මාර්ග අයින්වලයි.
තරුණ වයසේ පිරිමි සතුන් ගැහැනු සතුන් දිනා ගැනීමට දැඩි සටන්වල යෙදෙනවා. නොවැම්බර් අග වෙද්දී ඕක්ලන්ඩ් දූපත් වෙරළ තීර මුහුදු සිංහයන් අරක් ගන්නවා. ඒ කාලයට වෙරළ තනිකරම අන්තපුරයක් . ගැහැනු සතුන් 25ක් විතර තනි බලවත් එක් පිරිමි සතෙක් වට කරගෙන. මේ පිරිමි සතා නිතරම තම සීමාව රැකගැනීමට සටන් වදිනවා. ගැහැනු සතුන් ගැබ් ගත්පසු පැටියා බිහි කිරීමට දින කීපයකට පෙර උන්ගේ සුපුරුදු තැනට යනවා.
ඩන්ඊඩ්න්වලට මුල්වරට මුහුදු සිංහයකු පැමිණ ඇත්තේ 1993 අවුරුද්දේයි. ඒත් ගැහැනු සතෙක්. ඉන්පෙර මේ පළාතට පැටවුන් ලෑමට මුහුදු සිංහයන් පැමිණ සිටියේ නෑ. මේ පැමිණි ගැහැනු සතා ඉපදී තිබුණේ ඔක්ලන්ඩ් දූපතේයි. එතැන් පටන් ඇගෙන් පැවතඑන පැටවුන් 32ක් ඔටාගෝ ප්‍රදේශයේදී උපත ලැබුවා. ඇය කුමන හේතුවකට මේ ප්‍රදේශයට පැමිණියාදැයි කවුරුත් දන්නේ නැතිවුණත් ඇගෙන් ඇරඹුණු ඩන්ඊඩ්න් මුහුදු සිංහ පරම්පරාව තවමත් ගැබ්බර සමයේ පැටවුන් වැදීමට එන්නේ ඩන්ඊඩ්න්වලටයි. ඒ කියන්නේ දැන් මේ එන්නේ අර පෙර කියූ ඇත්තියගේ දියණියන්, මිනිබිරියන් හා මී මිනිබිරියන්. හිරිවායි ත් එදා පැමිණි ගැහැනු සතාගේ මී මිනිබිරියක්. එලෙස නිතර පැමිණෙන මුහුදු සිංහයන්ට නමක් තැබීම කාගේත් පුරුද්දක් වෙලා. ඩනෙඩින් ජනතාව දැන් කල්පනා කරන්නේ හිරිවායි ගේ පැටියාට තබන නම ගැනයි.

RelatedPosts

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

Tags: නවතම
Previous Post

හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

Next Post

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

Related Posts

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
පුවත්

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මාර්තු 3, 2021
මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
පුවත්

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

මාර්තු 3, 2021
කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක
පුවත්

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

මාර්තු 3, 2021
ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…
පුවත්

ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

මාර්තු 3, 2021
Next Post
ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි
  • මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
  • කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist