fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 15, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

    5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

    පාදෙණිය ප්‍රභූවරයෙක්…  කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

    එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් තායිලන්ත ආයෝජකයන් සමග ගිවිසුමට අත්සන් කළ අවස්ථාව... එවකට කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයාත් පසෙකින්...

    ඉඩම් අත්පත් කරගැනීමට පෙර යටිතල පහසුකම්වලට කෝටි 203ක් වියදම් කරලා.

    පිටවල ගව හොරු මරා මස්කළ ගවයින්ගේ හිස් මග දෙපස තබා ගිහින්….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

    මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

    ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

    කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

කනත්තේ මිනිස්සුන්ගේ කොවිඩ් ව්‍යසනය සියැසින් දුටුවෙමි…

editor by editor
දෙසැම්බර් 13, 2020
in සමාජ
447 5
කනත්තේ මිනිස්සුන්ගේ කොවිඩ් ව්‍යසනය සියැසින් දුටුවෙමි…
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මුළු ඉඩ අක්කර තුන් කාලයි.. නිවාස 60යි… දරුවො 80යි… මුළු ජන ගහණය 350යි… වැසිකිළි 03යි… එක ළිඳයි… මහත්වරුනි. කොවිඩ් නිසා හුදෙකළා කළ මේ මිනිසුන් වෙනුවෙන් නිරෝධායනය වෙනුවට වෙන වචනයක් සොයා දෙන්න…

කනත්තේ මිනිස්සුන්ට මරණය අරුමයක් නොවේ. මේ මිනිස්සු මේ ලෝකයේ ඇති අශිෂ්ට බවත් අනිත්‍ය ස්වරූපයත් අතැඹුලක් කොට ගත් මිනිසුන්ය.මරණයත් සමඟ ජීවත්වෙන ඒ කනත්තේ මිනිස්සු දැන් ලොක්ඩවුන් කර සිටිති. ඔවුන් අතර කොවිඩ් වසංගතය පැතිර යමින් තිබේ.

RelatedPosts

එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 31 අතුරුදහන්… විගණනයේ දී හෙළි වේ..

පොලිස් බල ප්‍රදේශ හුදකලා කරලා කොවිඩ් නවත්වන්න බෑ…

අක්කර තුන් කාලක පිහිටි නිවාස 60ක ජීවත්වන 350කට අධික මේ අසරණයින්ගේ නිවාස පේළිය අසල මම නිරුත්තරව බලාගෙන සිටියෙමි. මුළු නිවාස පේළියේ 350 සඳහාම ඇත්තේ වැසිකිළි 03කි. එක් නාන ළිඳකි. ටකරම් හෝ තහඩු වහල යට වර්ග අඩි සීදෙසීයක් වත් නැති පටු කුඩා නිවාස තුළ හුදකළා කළ අන්ත අසරණ ජීවිත ගැන කියන්නට නිරෝධායනයට වඩා වෙනස් වචනයක් තෝරා දෙන ලෙස මේ සමාජයෙන් ඉල්ලන්නට සිතේ.

“මීටරයේ දුර, සමාජ පරතරය තියාගෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් රකින්න“ ඒ වචන කුණු හරප සේ යළි යළි ඇසෙමින් මා පාරවනු දැනේ. මිනිසෙක් වීම සම්බන්ධව මේ මිනිසුන් ඉදිරියේ දී මුල්ම වරට විලි ලජ්ජාවට පත් වී සිටියෙමි.

උඩුකය නිරුවත් නොදරුවො කිළිටි මුව ආවරණ සහිතව ඒ පුංචි ඉඩෙහි තවමත් කෙළිදෙළෙනි. මහ පාර මට්ටමින් පහළ ඇති ඒ පටු ඉඩෙන් අඩියක් තබා ගත නොහැකි මිනිස්සු ලයිමේ ඉදිරිපස ඇති සීමිත ඉඩෙහි රොක් වී සිටිති.

කනත්තේ ජනපදය

“මොකද මල්ලි උනේ…“

මම පාර උඩ සිට පහළින් සිටි තරුණයෙක් විමසුවෙමි. ඔහු සිනාසුණේය. ඒ සිනාව තුළ වචන ගණනාවකින් කිය යුතු පිළිතුර ඔහු විසින් කැටි කර තිබිණි.

කී දෙනකුට පොසිටිව් වුණා ද?.

“ ඊයෙ වෙනකොට 19යි… ඊයෙ පොඩි එකෙකුට ලෙඩේ හැදිලා අරන් ගියා… අවුරුදු 13 යි පොඩි එකාට..“

“කට්ටියගෙම පී.සී.ආර් කළා ද?“

තරුණයා හිස වැනුවේය. තව කෙනෙක් ඈතින් සිට නූස් හඬින් මා ඇමතුවේය.

“මහත්තයා මීඩියා ද?. මම හිස සැලුවෙමි.“

වේයන්ගොඩ ආර්ථිකේ වැඩ කරපු දෙන්නකුට ලෙඩේ හැදුණා. ඒ අයට පරීක්ෂණ කරලා වාර්තා එන්න දවස් පහක් විතර ගියා. ඒ අස්සේ ගමේ මල ගෙවල් දෙකක් වුණා… ඒ නිසයි මේ සේරම උනේ…“ඔහු කීවේය.

ඔයාලට කෑම බීම කොහොම ද?

“අනේ දැනට කිසිම කරදරයක් නෑ… පන්දාහෙ බඩු මල්ල ලැබුණා. බේකරියෙ මහත්තයා පාන් දුන්නා. ප්‍රාදේශීය සභාවෙ සභාපති තුමත් ඇවිත් ගියා… “කිසිම අඬවැඩියාවක් නැත. තෘප්තිය හා සෑහීම ඇත්තේ සිතිවිල්ලක දුරය.

කනත්තේ පසෙක මේ කුඩා ජනපදයේ ජීවත්වන මිනිස්සු ඉපදී සිටියේ කුණු අදින්නටය. අනික් උන්ගේ බැල මෙහෙවර කරන්නටය. මේ අසරණයින්ගේ දරුවන්ට වේයන්ගොඩ පල්ලියෙ ඉස්කෝලය විවෘත වූයේ නැත. දෙවියන් වැඩ සිටින්නේ කොන්ක්‍රීට් කුරුස සහිත මහා පල්ලි තුළත් මකර තොරණින් හැඩ වුණු කොන්ක්‍රීට් බුදු ගෙවල්වලත් නොවන බව වේයන්ගොඩ මිනිස්සු දැන සිටියේ නැත. මේ   මිනිසුන්ට ජීවත් වීම සඳහා   ස්ථිර නිවාස ක්‍රමයක් මේ ඉඩෙහි හදන්න ගිය විට කන්ත්තේ වළලන්නට නියමිත මල මිනීවල අයිතිය ඉල්ලමින් ගමේ පන්සලේ හාමුදුරුවෝත් විරෝධතා පුවරු සහිතව මගට බැස්සා මතකය. “ හාමුදුරුවො බුද්ධාගමේ ද?“. එදා එක තරුණයෙක් ඒ සිවුරු පෙරවි පුද්ගලයාගෙන් විමසා තිබිණි. ඒ කතා එකිනෙක සිහියට එන්නේ මේ මිනිසුන්ගේ මුහුණුවල රැඳි අසරණකමත් සමඟය.

කනත්තේ ජනපදයට කොවිඩ් ආ හැටි

මේ මහා වසංගත සමයෙත් වේයන්ගොඩ අවට ප්‍රාදේශීය සභාවේත්, ඉන් පිටතත් කුණු ඇද්දේ ඔවුන්ය. වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සුද්ද පවිත්‍ර කළේ ඔවුන්ය. කනත්තේ වැඩ කළේ ඔවුන්ය. මිනියක් වළ දැමීමට මුල් වුණේ ඔවුන්ය. මේ පවිත්‍රකාරක බඳු අසරණයෝ අනෙක් මහේශාඛ්‍ය මිනිසුන්ගේ කුණු අතපත ගාන්නට ගොස් කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටියහ.

එතැනින් ඇරැඹුණු ජනපදයේ කොවිඩ් ආසාදිතයන් මේ වනවිට 20 දක්වා වැඩි වී ඇත. මීට ස්වල්ප වෙලාවට පෙර වාර්තා වූයේ ඔවුන්ගේ ජනපදයට ආ ගිය ඔවුන්ගේ ඥාතීන් 05 දෙනකුට ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවය. තවත් පී.සී.ආර් පරීක්ෂණ පෙළක ප්‍රතිඵල ලැබෙන්නට නියමිතය. එක අතකට මේ රූපණය වෙමින් ඇත්තේ මේ සමාජයේ අශිෂ්ට තිරිසන් බව පුපුරා යන අවස්ථාවකි.

මේ මිනිසුන් බලහත්කාරයෙන් කනත්තේ පදිංචි වුණේ නැත. ඔවුන් එතැන පදිංචි කරන්නේ හොරගොල්ල වලව්වේ බලය යහමින් පැවැති සිරිමා අගමැතිනියගේ කාලයේය. ඒ කාලයේ දී ලයින් කාමර 12ක් එක පේළියට තනා ඒ නිවාස වල නගරයේ කම්කරු වැඩවලට සිටි පවුල් 12ක් පදිංචි කර තිබිණි. ඒ ගෙවල් දොළහ තවමත් ඉතිරි වී තිබේ. පුරා දශක පහක් තිස්සේ වේයන්ගොඩ කනත්තේ අක්කර තුන් කාලක් තුළ තනා ගත් ලයිම් ගෙවල්වල  60ක්  හැදුණේ ඒ මුල් මිනිසුන්ගේ දරු මුනුපුරන්ගෙනි.

දැනටත් මේ නිවාස තුළ නොදරුවෝ අසූවකට වඩා වැඩි පිරිසක් ජීවත් වෙති. ඔවුන්ටත් යන්නට එන්නට තැනක් නැත. ඉහළ අධ්‍යාපන අවස්ථාවක් සඳහා අවට පරිසරයම ඉඩ සලසන්නේ නැත. සමාජය විසින් දශක ගණනක් තිස්සේ මේ මිනිසුන්ව නඩත්තු කරගෙන ගොස් ඇත්තේ උන්ගේ බැල මෙහෙවර කර ගැනීම සඳහාය.

“අපි ලොක් ඩවුන් වෙලා ඉන්නේ. ලබන 16 වැනිදා ගමෙ දුවකුට පොලිසියට යන්න ඉන්ටර්විව් එකක් තිබුණා. විභාග පාස් වෙලා හිටියෙ. ඒ දුව ගැන පොලිසිය ලොකු මහත්තයට පී.එච්.අයිට කියලා එයාවයි පවුලෙ අයවයි වෙනම තැනටකට ගෙනිච්චා. පී.සී.ආර් කරලා දවස් ගානක් නිරෝධායනය කරන්න කියලා. ඊයෙ ටී.වී චැනල් එකක නිවුස් වල ගියා මිනිස්සු 03ක් වෙලෙන් පැනලා ගිහින් කියලා…“ ඒ අතරේ එක් අයෙක් අපට කීවේය. ඔවුන්ට ඔවුන්ව කොටු කළ වැටෙන් එපිටට අඩියක් තබන්නට ඉඩ නොදෙන බවට වූ අඳෝනාවක් ඒ කතාව තුළ තිබිණි.

කොවිඩ් පැතිරුණු ඒ මරණයේ ජනපදයේ තවමත් කෙළි දෙළෙන් හැසිරෙන ලපටි නොදරුවන් දකිමින් යන්නට හැරුණෙමි. ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ මේ ජනපදය ගැන කී කතාව සිහිවෙමින් තිබේ. ඔහු කීවේ කිසිම සෞඛ්‍ය පහසුකමක් නැති මේ ජනපදයේ මීටරයක් දුරින් මිනිසුන්ට ජීවත් වන්නට බැරි බවය. එක් කොවිඩ් ආසාදතයෙක් මේ ජනපදයම කොවිඩ් වලින් විනාශ කරන්නට සමත් බවය.

“එහෙනම් ඒ වගේ අනාරක්ෂිත තැනක මේ මිනිස්සු නිරෝධායනය කරනවා කියලා මේ කරන්නෙ මොකක් ද?“  ඔහු සිනාසුණේය.

මල්ලි මොකද  වුණේ… මා එසේ ඇසූවිට මුවින් නොබැන සිනාසුණු තරුණයාගේ සිනාවේ ඇති කතාව තේරුම් ගත හැකි විය. එහෙත් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සිනාවේ අර්ථය වටහා ගන්නට තවමත් උත්සාහ කරමි.

Tags: විශේෂ
Previous Post

කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න – අගමැති කියයි

Next Post

සිඟිති දරුවන් 03ක් ඇතුළු පවුල් දෙකක 06කට කොවිඩ්

Related Posts

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?
සමාජ

ජනවාරි 10, 2021
ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක
සමාජ

ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

ජනවාරි 10, 2021
බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?
සංස්කෘතිය

බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

ජනවාරි 6, 2021
බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා
සමාජ

බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

ජනවාරි 3, 2021 - Updated On ජනවාරි 4, 2021
Next Post
සිඟිති දරුවන් 03ක් ඇතුළු පවුල් දෙකක 06කට කොවිඩ්

සිඟිති දරුවන් 03ක් ඇතුළු පවුල් දෙකක 06කට කොවිඩ්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා
  • 5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි
  • පාදෙණිය ප්‍රභූවරයෙක්… කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist