මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කළ මෙරට බැංකු දෙකකට හා මූල්‍යයායතන තුනකට දණ්ඩනයක් ලෙස දඩ මුදල් පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇත.
මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ක්‍රියාත්මක වන්නේ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයයි. ප්‍රධාන වශයෙන්, තෙවන පාර්ශ්ව තැන්පතු, දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තන් සඳහා අනුමැතිය ලබා ගැනීම, සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 6 වන වගන්තිය යටතේ මුදල් ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කිරීම් සඳහා දණ්ඩන පනවන ලදී.
ඒ අනුව එම ආයතනය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2019 වසර තුළ දී රුපියල් මිලියන 5ක හා 2020 මැයි 31 දක්වා රුපියල් මිලියනයක සමස්ත දඩ මුදල් පනවන ලදී. මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් මූල්‍ය බුද්ධි ඒකකය විසන් මෙම දඩ මුදල් පැනවූ බව මහ බැංකුව පවසයි.
ඒ අනුව 2019/2020 වසරවලදී මූල්‍ය බුද්ධි ඒකකය මඟින් ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 3ක්ද ,නේෂන් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී යන ආයතනවලින් රිපියල් මිලියනය බැගින් ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලිමිටඩ් සහ යූ බී ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙන් රුපියල් ලක්ෂ 5 බැගින්ද දඩ මුදල් පැනවීමට කටයුතු කර ඇත.