සමන්තිකා වීරවර්ධන –
චීන රජයේ ප්‍රධානයක් ලෙස සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබුණද එය මෙරටට ජනතාවට ලබා දීමට ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසර හිමිව නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කරයි
එන්නතට අදාල ලියකියවිලි තවමත් නිසි පරිදි සපුරා දීමට චීන රජය කටයුතු කර නොමැති බැවින් ඒ එම ලියකියවිලි සම්පූර්ණයෙන්ම මෙරටට ලැබුණු පසුව ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ තාක්ෂණික කමිටුව මගින් එය පරික්ෂා කර බලා අනුමැතිය ලබා දෙන තෙක් මෙරට ජනතාව වෙනුවෙන් භාවිත නොකරන බව ඇය සදහන් කළාය.
කෙසේ නමුත් මෙම සයිනෝෆාම් එන්නත මෙරට සිටින චීන ජනතාවට ලබා දෙන බවද ඇය වැඩිදුරටත් පැවසීය.
කෙසේ නමුත් මෙම එන්නත චීනයේ භාවිත කළද මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමැතිය හිමි නොවී ඇති බවත් ඉදිරි දින කීපය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමියි වීය හැකි බවට විශ්වාසය පළ කල හැකි බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.