සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබාගැනීම සඳහා ලබන සදුදා (26) සිට ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් ලබාගත හැකිවන පරිදි පහසුකම් සැලසීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටේ පවතින වසංගත තත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව පහත දැක්වෙන දුරකථන අංක භාවිත කොට ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.