ශ්රී ලංකා තේ ( CEYLON TEA) ලේබලය යටතේ අපනයනය සඳහා සූදානම් කර තිබූ කසල තේ කිලෝ 29 000ක් සීදුව කොටුගොඩ ගබඩාවක තිබී අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායට අද ( 19) හැකි විය.
ගෝණහේන පොලිස් විශේෂ බලකා ඒකකයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර තිබේ.
මෙම කසල තේ තොගය මැද පෙරදිගට නැවුගත කිරීමට සූදානම් කර තිබී ඇත. සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි.