2020 අ.පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 12 වනදා සිට ආරම්භ කිරීමටත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දැනට covid-19 වසංගත තත්වය හේතුවෙන් නිවාඩු ලබා දී තිබෙන සියලුම රජයේ පාසල් වල 11, 12, 13 ශ්‍රේණි ජූලි 27 වැනිදා ආරම්භ කෙරේ.
සෙසු ශ්‍රේණිවල පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ අගෝස්තු 10 වැනිදාය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඔක්තෝබර් 9 වැනිදා දෙවැනි පාසල් නිවාඩුව ආරම්භ වන බවයි.
ඒ අනුව තෙවැනි පාසල් වාරය නොවැම්බර් 16 වනදා ආරම්භ වනු ඇත.