ඉදිරියේ දී එනවා යැයි කියන කුමණ හෝ බාධකයක් නිසාවත් අගෝස්ත 05 වැනිදා පැවැත්වීමට තීන්දු කළ මහා මැතිවරණය නතර නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (12) සවස ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසුව පැවසීය
ඡන්දය නතර කරන්නේ ලෝක ගෝලයේ කැරකීම නතර උනොත් පමණක් බව පවසන සභාපතිවරයා මේ වනතෙක් එවැන්නක් සිදුවුන බව දැනගන්නට ලැබී නැතැයි කීවේය.
කොවිඩ් වසංගත තත්වය සම්බන්ධයෙන් විවිධ අදහස් හා යෝජනා පලවී තිබෙන බවත්, ඒ කිසිවක් මැතිවරණය කල් දැමීමට හේතු නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කොවිඩ් 19 ව්‍යාප්ත වීම යළි ආරම්භ වී තිබුණත් එයින් වැළකීම සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙන උපදෙස් මැතිවරණ අපේක්ෂකයන් මෙන්ම ඡන්ද දායකයන් ද නිසි පරිදි පිලිපැදිය යුතු බවත්, එලෙස පිලිපදින්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.