එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ලබන අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිත ය.
එක්සත් රාජධානිය ප්රමුඛ රටවල මූලික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අඟහරුවාදා ඉදිරිපත් කළ යෝජනාව පසුව ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වාර්තාව සම්බන්ධයෙන් මීට පෙර අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ඉදිරිපත් කර තිබුණි.
මෙම රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති රාජ්‍යයන් 10ක් ඇතුළු රටවල් 21 ක් වාර්තාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් කතා කළහ.
කෙසේ වෙතත්, යුරෝපා සංගමය ඇතුළු රටවල් 15 ක් යෝජනාව ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
චීනය, රුසියාව, කියුබාව සහ පකිස්ථානය වැනි රටවල් ඊට සහයෝගය දක්වන රටවල් අතර සිටින බව විදේශ අමාත්‍යාංශයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාව ඊයේ (01) දිනයේදීවත් සිය ස්ථාවරය ප්‍රකාශ තිබුණේ නැත. පසුගිය අන්තර් ක්‍රියාකාරී සංවාදය අතරතුර ඉන්දියාව 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
මානව හිමිකම් යෝජනාව විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙසයි.
ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයේ ඵලදායී හා ස්වාධීන ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙස ද එය රජයෙන් ඉල්ලා සිටී.