කීර්ති ප්‍රනාන්දු –
ජංගම දුරකථන 05ක් ලඟ තබාගෙන රාජකාරි කළ මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය වහා අත්හිටුවීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.
මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කර තිබේ. එහි දී බනිධනාගාර නියාමකවරයාගේ මේස ලාච්චුවේ තිබී මෙම දුරතකතන 05 සොයා ගෙන තිබිණි.
මෙම දුරකථන බන්ධනාගාර නියාමකවරයාට ලැබුණු ආකාරය සහ එම දුරකථන හරහා විවිධ ජාවාරම්වලට ඇමතුම් ලබාගැනීමට බන්ධනාගාර රැඳවියන්ට ලබා දී මුදල් උපයා ගැනීමක් සිදු කර ඇතිද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.
මෙම බන්ධනාගාර නියාමකවරයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.
විමර්ශන අවසන්වනතුරු මෙම බන්ධනාගාර නියාමකවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.