21 වැනි කොවිඩ් මරණයත් සිදුවුණු බව රජය නිවේදනය කළේය.
රජය නිවේදනය කරන පරිදි එම මරණය සිදුවන්නේ ඊයේ (31) වැලිසර ළය රෝහලේදී ය.
මිය ගිය පුද්ගලයා 40 හැවිරිදි අයෙකි. මහර ප්රදේශයේ පදිංචිකරුවෙකි. අධි රුධිර පීඩනය හා ස්වසන පද්ධතියේ ආසාදනයක් නිසා පසුගිය 23 වැනිදා ඔහු වැලිසර ළය රෝහලට ඇතුළත් කර තිබිණි.
පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබුණේ නැත. එහෙත් මිය ගිය පසු පශ්ඡාත් මරණ පරීක්ෂණයේ දී සිදුකළ දෙවන පීසීආර් පරීක්ෂණයේ දී ඔහු අසාදිතයෙක් බව මීට ටික වෙලාවකට පෙර තහවුරු කරගෙන තිබේ.
සම්මත නිරෝධායන පිළිවෙතට අනුව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.