ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වෙනි සංශෝධනයේ අඩුපාඩු සොයා බැලීම සදහා පත් කරන ලද කමිටුව අද (14) සිට අඛණ්ඩව රැස්වීමට රැස් වීමට තීරණය කර ඇත.
මේ අනුව කමිටුවේ පළමු හමුව අද සවස පහට ඇමති ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ රැස් වන අතර එය හෙට සිට දිනපතාම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
කැබිනට් මණ්ඩලය අනුමත කරමින් කෙටුම්පත් කරන ලද විසිවෙනි සංශෝධනය සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල වූ අතර එම විරෝධය සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කර තිබෙන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නව වාර්තාවක් සකස් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පත් කරන ලද එම කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 9 දෙනෙකි. එහි සභාපතිත්වය මහාචාර්ය ජී එල් පීරිස් මහතා දරන අතර, කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල, අලි සබ්රි, එස්. වියාලේන්ද්‍රන්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු කටයුතු කරති.
කමිටු වාර්තාව මේ සතිය ඇතුලතදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමටත් ඉන් අනතුරුව නැවත මේ පිළිබඳ සාකච්ඡා කොට නව කෙටුම්පතක් සකස් කිරීමටත් රජය තීරණය කර ඇත.