ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් 37ක කරුණු දැක්වීම අද (2) දහවල් අවසන් කර තිබේ.
විසි වෙනි සංශෝධනයට එරෙහිව පෙත්සම් තිස් නවයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව තිබූ අතර ඉන් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.
විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් ව ඇති පෙත්සම් විභාග කිරීම අද දහවල් සිට ආරම්භ කෙරිණි.