ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය පිළිබඳ පසුගිය දා පැවති විවාදය අවසානයේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාදීමේ සූදානමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ අරවින්ද කුමාර් සහ තවත් මුස්ලිම් මන්ත්‍රීවරයකුට මේ අනුව එම තනතුරු හිමි වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.
මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ආසන පනවන ලෙස ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව බලධාරින්ට කළ දැනුම් දීම අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට ආසන පැනවීමට කටයුතු යෙදූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
එම ඡන්ද විමසීමේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනෙක් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී තිබුණි.