පාස්කු ප්‍රහාරයේ සැකකරු රියාද් බදියුදීන් අත්අඩංගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාගෙන් කරුණු විමසීමට හෙට (12) දින නීතිපති කාර්යාලයට කැඳවා තිබේ.
එම විමර්ශනයට අදාළ සියලු විමර්ශන ගොනු වහාම නීතිපතිවරයාගේ කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව දන්වා ඇත.
විමර්ශන නිලධාරීන් නීතිපතිවරයා හමුවන අවස්ථාවේදී එම විමර්ශනයෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනය කිරීමට ද නියමිතයි.
තවද නීතිපතිවරයාගේ දැනුමෙන් හෝ අධීක්ෂණයකින් තොරව රියාද් බදියුදීන් මහතා නිදහස් කළේ කෙසේද යන්න පිළිබඳවත් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් හා අභියාචනාධිකරණයේ ගොනු කළ හේබිස් කෝපුස් නඩු රියාද් බදියුදීන් විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහුව අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතුවූ කාරණා හෙට දිනයේ දී නීතිපතිවරයාගේ අවධානයට භාජනය වීමට නියමිත ය.
ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්ෂි අනුව සුදුසු ක්‍රියාමාර්ග නීතිපතිවරයා අදාළ පාර්ශ්ව කරුවන්ට උපදෙස් දීමට නියමිතය.