ලලිත් චාමින්ද –
දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට ඇසිඩ් ගසා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ද සැකකරුවෙකු වසරකුත් මාස 09කට පසු හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.
2019.03.15 වනදින හික්කඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් පන්නන්ගොඩ ප්‍රදේශයේ දී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවි ඇති බව පොලිසිය පවසයි. අනියම් සම්බන්දතාවයක් හේතුවෙන් ඇති වූ කෝන්තරයක් නිසා එල්ල වූ මෙම ඇසිඩ් පහර කුඩා පිරිමි දරුවාට වැදි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙකි ඇසිඩ් ප්‍රහාරයට තවත් සැකකරුවෙකු සම්බන්ධ බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වයි.
සැකකාර පුද්ගලයා අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති ටි.පි. බි පල්ලියගුරු,උ පො ප අශෝත ඩයස්, පො සැ 7223 නානායක්කාර යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.