අද (15) උදෑසන ජා ඇල දී පොලිස් මත්දුව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ ගෑම් 200ක තොගය වසර 5ක් පමණ බන්ධනාගාර ගත වී සිට කොරෝනා වසංගත කාලයේදී අප්රසිද්ධියේ එළියට පැමිණි ප්‍රකට මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තා විසින් ආයෝජනය කරන ද ආයොජනයට අනුව ගෙන්වන ලද්දක් බව මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණයවී ඇත.
2015 වසරේ දී අත් අඩංගුවට ගැනුණු මොහොමඩ් සිද්දික් නැමැත්තා ජාත්‍යන්තර මත් දුව්‍ය ජාල සමඟ සම්බන්ධතා පවතත්වන මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කරුවෙකි. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව වසර 5ක් පමණ බන්ධනාගාරගත වී සිටි අතර කොරෝනා වසාංගත සමයේදී නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ තිබේ.