හෝමාගම මොරහේනේ ප්‍රකට ව්‍යාපාරික ස්ථානයක රහසිගතව පවත්වාගෙන ගිය පාතාල අවි ගබඩාවේ තිබුණු තවත් ආයුධ 09ක් අතුරුදන්ව ඇති බවට තොරුතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) වැටලීම කරන විට ගබඩාවේ තිබුණු ටී.56 ගිනි අවි 11ට හා ටී81 ගිනි අවියට අමතරව තිබූ තවත් අවි 09කි.
පරීක්ෂණවලින් අනාවරණය වන පරිදි මේ ආයුධ 09 නිකුත් කර ඇත්තේ පාතාල ප්‍රභලයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළම සිටින පුද්ගලයෙක් වූ දැනට බන්ධනාගාරතව සිටින කංජිපානි ඉම්රාන් ඝාතය කිරීම සඳහාය. නඩු කටයුතු සඳහා පිටත්ව යද්දී ඔහු ගමන් කරන බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ඔහුව ඝාතනය කිරීමට මේ පිරිස සැලසුම් කර ඇති බවට වාර්තා වේ.
මෙම අවි තොගය මුහුදු මගින් ලංකාවට ගෙනැවිත් ඇති බවට පොලිසිය මුලින් සැක කළත් මෙහි ඇත්තේ නීති විරෝධීව රට පුරා සංසරණයවන ආයුධ විය හැකි බවට දැන් සැක පහළ කරයි. එසේ සැක කරන්නට හේතුවක් වී ඇත්තේ මේ සෑම අවියකම අනුක්‍රමික අංකය මකා දමා ඇති බවට නිරීක්ෂණය වීම නිසාය.