තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදුන් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අපරාධ කොට්ඨාසයට අද නියොග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දුන් බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ දී මෙම නියෝගය කර තිබේ.
සිද්ධියට අදාල නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට පැමිණ සිටියේ නැත. මෙම නියෝගය ලබා දී විනාඩි 10ක් පමණ ගතවීමෙන් පසු ඇය අධිකරණයට පැමිණියාය.
කෙසේ වුවත් පවරා තිබූ නඩුවට පෙනි නොසිටිම නිසා වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ කටයුතු අතරතුරදී අධිකරණයට බාරවීම සැලකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඇය පෙර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
මාස එක හමාරක බිලිදකුගේ මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උදෙන්ම අධිකණයට පැමිණ සිටියත් ඇය සිය දරුවාට කිරි දෙමින් අධිකරණ පරිශ්‍රයේ රැදිසිටිම නිසා නඩුව කැඳවන අවස්ථවේදී ඇයට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව සඳහන් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අභිමානි රන්දෙනිය ඊට සමාව අයදමින් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
එමෙන්ම මින්මතු නියමිත වේලාවට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විනිසුරුවරයා ඇයට තරයේ අවවාද කළේය.
තමාට එරෙහිව ඇති ඉදිරිපත්ව ඇති වරෙන්තුව නැවත කැඳවන ලෙස සිය නීතිඥයෙක් මගින් මෝසමක් ඉදිරිපත් කිරීමටද තීරණය කළ බව මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවාය.
නඩුව නැවතත් ජුනි මස 17 තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.