මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පසුගියදා බුදු කුටියේ විදුරුව බිඳදැමීමට සම්බන්ධ පුද්ගලයා මේ වන විට පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්කුඩු පානය සඳහා එම කුටියේ තිබූ රුපියල් 60ක් සොයා ගැනීම සඳහා මෙම සිද්ධිය කළ බවට පාපොච්චාරණය කර ඇති බව පොලිසිය පවසයි .
මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු වන අතර ඔහු මීට පෙර ද ආගමික ස්ථානවල පිංකැට, පඬුරු පෙට්ටි ආදිය කඩා මුදල් සොරාගත් පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.
මීට පෙර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් විසින් මෙම බුදු පිළිමයට හානි කළ අතර මෙවර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ යම් සැකයක් මතුවිය.
එසේ වුවද අදාළ පුද්ගලයා කිසිඳු අන්තවාදී සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බවත් ඔහු මත්කුඩු පානයට මුදල් සෙවීමේ අරමුණින් මෙය කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු 30 හැවිරිදි කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.