කීර්ති ප්‍රනාන්දු –
හැටන් නගරයේ ප්‍රධාන බාලිකා පාසලක නේවාසිකව ඉගනුම ලබන සිසුවියන් 02කුට කොවිඩ් වෛසය ආසාදනය වී ඇති බව තවුරු වීමත් සමග පාසල් නේවාසිකාගාරයේ සිසුවියන් 20ක්, නේවාසිකාගාර පරිපාලනය භාරව සිටින කන්‍යා සොයුරියන් දෙදෙනක් හා නේවාසිකාගාරයේ සේවකයන් දෙදෙනෙක් නේවාසිකාගාරාය තුළම නිරෝධායනට ලක් කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සිසුවියන් මොරටුව හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදංචිකරුවන් වන අතර විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලබයි.
මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති එක් සිසුවියක් මින් පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ අයෙක් බව තහවුරු වී තිබේ.
මේ වනවට පාසල විෂබීජ හරණයට ලක් කරමින් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.