ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු දෙමහල් නිවසක දෙවන මහලෙන් ඇද වැටීමෙන් මියගොස් තිබේ.
ඔහු නවාතැන් ගෙන සිටි පිලියන්දල නිවන්හිදිය ප්‍රදේශයේ නිවසක පිරිසිදු කිරීම් කටයුතු කරමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේදී තුවාල ලත් ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය බුද්ධි නිලධාරියා අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.