නාතාෂා නෙත්මිණි –
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීමට රැපිඩ් ටෙස්ට් හෙවත් ප්රතිදේහ පරික්ෂාවන් ආරම්භ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව හදිසි රෝගී තත්ත්වයන්ට ලක්ව රෝහල් ගත කරන රෝගීන්ට ප්රතිකාර කිරීමට හෝ හදිසි සැත්කම් සඳහා යොමුකළ යුතු රෝගීන් සඳහා මෙම රැපිඩ් ටෙස්ට් කිරීමට කටයුතු කරන බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
පීසීආර් පරික්ෂණයන් සඳහා වාර්තාවන් පැමිණෙන විට පැය 24ක කාලයක්ගත වන නමුත් රැපිඩ් පරික්ෂාව සදහා ගතවනුයේ විනාඩි 45ක කාලයක් බැවින් රෝගීන්ට ඉක්මන් සැත්කම් කිරීම හෝ ප්රතිකාර කිරීමට හැකිවනු ඇතැයි එම ප්රකාශකයා සඳහන් කළේය.