නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල ලොකු වංගුව අසළදී අද දහවල් 12.30 ට පමණ ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ලොරියක් පෙරලීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇත.
අනතුරින් බරපතල තුවාල ලත් ත්‍රිරෝද රථයේ රියදුරු නුවරඑළිය මහ රොහලට ඇතුළත් කර තිබේ.
ත්‍රිරෝද රථයේ ගමන් ගනිමින් සිටි පිරිස ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
නුවරඑළියේ සිට ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය පසුපසින් පැමිණි ලොරි රථය වංගුව අසළදී ත්‍රිරෝද රථය මතට පෙරළී තිබෙන අතර අනතුරින් පසුව එහි රියදුරු පළාගොස් තිබේ.
ලොරි රථය නුවරඑළිය සිට වැලිමඩ දක්වා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.
ලොරි රථයේ සහකයා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.පළාගිය රියදුරාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් පොලීසිය පවසයි.
අනතුර සිදුවූ ස්ථානයේදීම එක් කාන්තාවක් මරණයට පත්ව තිබේ.අනෙක් කාන්තාවන් දෙදෙනා මියගාස් තිබෙන්නේ රෝහල් ගත කිරීමෙන් පසුවය.අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප-අනතුර සිදුව තිබූ අයුරු.