සෞඛ්‍ය ක්ෂේත්රවල සේවයේ නිරත සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණට ලක් කරන ලෙස එම ක්ෂේත්රයන්හි වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති.
කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරමින් ඔවුන් සමග නිරතුරුවම ගැටෙන වෛද්‍යවරු හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා මෙතෙක් පී.සී.ආර් නොකිරීම නිසා ඔවුන් දැඩි අවදානම් තත්වයකට පත්ව සිටින බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරු ඇතුළු සාමාජිකයන් 75 දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු කරගෙන ඇති බවත්, 400ක් පමණ දෙනා නිරෝධායනයට ලක් කර සිටින බවත් වෘත්තිය සමිති සාමාජිකයෝ පෙන්වා දෙති.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සමාජිකයන් සිය සේවා කාලය නිම වීමෙන් පසු සාමාන්‍ය ප්‍රජාව අතරට යන විට ඔවුන්ගෙන් කොවිඩ් ආසාදනය වෙතැයි බියක් මතුව තිබෙන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.
මේ නිසාම ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියාවේ නිරත වූවන් කොන් කරන තත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු කිය.ති.
සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පී.සී,ආර්. කළ නොහැකි නම් අවම වශයෙන් කොවිඩ් රෝගීන් සිටින රෝහල්වල කාර්යමණ්ඩලවලට පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස රෝහල්වලින් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා පියවර ගෙන නැති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් නලීන්ද සොයිසාගෙන් කළ විමසුමක දී ඔහු කියා සිටියේ අවදානම් රෝහල්වල කාර්ය මණ්ඩලටය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරන බවය.
නමුත් සමස්ථයක් ලෙස සියලු කාර්ය මණ්ඩලවලට සිදුකළ නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව වෛද්‍ය නලින්ද සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.