නතාෂා නෙත්මිණි –
සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 මෙහෙයුම් කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයූතු කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයී.
එම තනතුරේ කටයුතු සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පත්කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
අපි මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළින් ආ නියෝගයක් මත තමා සිය තනතුරෙන් ඉවත් වූ බවය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් අප මේ සම්බන්ධයෙන් විමසු කළ ඔහු සදහන් කළේ මෙහෙයුම් කමිටුවට තමා සහභාගි වන බැවින් මාධ්‍යයට කරුණු දැක්විය යුත්තේ තමා බවට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවය.
එසේම මෙහිදී තීරණය කර ඇත්තේ මාධ්‍යයට කොවිඩ් 19 සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සෞඛ්‍ය ලේකම්වරයාට හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ද අවසරය ලැබෙන බවකි.