දිනසේන රතුගමගේ
සේනා දළඹුවාගේ විනාශය නිසා කිළිනොච්චියේ බඩ ඉරිගු අක්කර 500 කට වඩා වැඩි ප්‍රමාණයක් ගොවීන් විසින් අතහැර දමා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කිළිනොච්චිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පොන්නයියා අත්පුදචන්ද්‍රන් මහතා පැවසුවේ මෙතෙක් බඩ ඉරිගු වගාවට පමණක් විනාශය ගෙන දුන් සේනා දළඹුවා මේ වන විට වට්ටක්කා සහ වී වගාවන් වලටද හානි සිදු කරණ බවයි.
මේ අතර කිළිනොච්චියේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටින්නේ සේනා දළඹුවා විනාශ කිරීම සදහා කිසිදු කෘමි නාශකයකට හැකි වී නොමැති බවයි.